Header Ads

ad

රජයේ ආයතනයක තාක්ෂනය භාවිතා කළහැකි ආකාරය


රාජ්‍ය සේවයේ සමහර අකාර්යක්‍ෂම බවට හා ප්‍රමාදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආයතනය ඇතුලත තොරතුරු ගලා යාම මන්දගාමී වීම හා තොරතුරු වල ගුණාත්මක භාවය අඩු වීමය. මේ සඳහා හොඳම විසදුම වන්නේ පරිගණක තාක්ෂනය භාවිතා කිරීමය. තාක්ෂණ මෙවලම් රාශියක් අන්තර්ජාලය තුලින් නොමිලයේ ලබාගත හැකිව තිබුනද අප ඒවා භාවිතා කරන්නේ නැත. උදාහරණ ලෙස Blogger, Google Drive, Google Doc, Facebook, Youtube දැක්විය හැකිය. කෙසේ වෙතත් රජයේ ආයතන වල තාක්ෂනය භාවිතා කල හැකි ක්ෂේත්‍ර අතරින් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
  • නිවාඩු ඉල්ලුම් කිරීම
  • විවධ ආකාරයට නිවාඩු සාරාංශ වාර්තා සැකසීම.
  • පාලන අංශයෙන් විවිධ නඩත්තු සේවා ඉල්ලීම
  • විවිධ නඩත්තු වල ප්‍රගතිය සැමට සන්නිවේදනය කිරීම
  • නඩත්තු වලට අදාළව විවිධ ආකාරයට වාර්තා ලබා ගැනීම
  • ගිණුම් අංශයේ වවුචර වල ප්‍රගතිය බලා ගැනීම
  • ආයතනය සඳහා ගිණුම් අංශය විසින් සිදු කරන මිලදී ගැනීම් වල ප්‍රගතිය බලා ගැනීම
  • ප්‍රසංපාදන ක්‍රියාවලියේ ප්‍රගතිය බලා ගැනීම.
  • මාසික බිල්පත් ගෙවීම් වල සාරාංශ ලබා ගැනීම
  • ගිණුම් අංශයෙන් ලිපිද්‍රව්‍ය ඉල්ලුම් කිරීම
  • රාජකාරි ගමන් සඳහා වාහන ඉල්ලීම්.
  • විවිධ විෂයන් වල ප්‍රගතියට අදාළ වාර්තා
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අදාලව වසම් වල සියලු තොරතුරු ඇතුලත් දත්ත පාදකයක් සහිත පද්ධතියක් සෑදිය හැකිනම් පරිපාලනය ඉතා පහසු කර ගත හැකිය. 

කල නොහැකි දෙයක් නැත. අප නව තාක්ෂණයට අනුගත විය යුතුය.