Header Ads

ad

ආයුබෝවන්


ආයුබෝවන්! තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පාලන අංශයේ බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු. කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ පැතිර යන මෙම කාල වකවානුවේ මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීම ආරම්භ විය. ඉතා සීමිත පිරිසකින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමේ තීරණය නිසා තාක්ෂණයේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට විය. එමෙන්ම ලෝකයේ  සැම රටකම නිවසේ සිට රාජකාරි කිරීමේ (Work @ Home) සංකල්පය වැඩිපුර භාවිතා කිරීම ආරම්භ විය. අඩු පිරිසකින් පාලන අංශයේ එදිනෙදා රාජකාරී සිදු කිරීමට උදව් කිරීම මෙහි මූලික අරමුනයි. සියලුම නිලධාරීන්ගේ රාජකාරි හා ඒවා කරන පියවර මෙහි සරල ලෙස අන්තර්ගත කර ඇත.ඒවා රූපමය මාධයෙන් උදාහරණ සහිතව දක්වා ඇත. එමෙන්ම බොහෝ ආකෘති පත්‍ර මෙමගින් පහසුවෙන් මෙහිදී ලබා ගත හැක. එමෙන්ම සිදු කල සමහර කාර්යන් ජාලගතව වඩා පහසුවෙන් කල හැකිය. යම් නිලධාරියෙකු නොමැති විට ඔහුගේ හෝ ඇයගේ රාජකාරි වල ප්‍රගතිය ඉතා පහසුවෙන් දන ගත හැකිය. මෙහි ඊලග අරමුණ වනුයේ දැනට ඔබ සිදු කරන කාර්යන් පහසුවෙන් කිරීමට විවිධ විද්‍යුත් උපාංග හඳුන්වා දීමයි. මෙම සියල්ල සිදු කරන්නේ ඔබගේ අදහස් හා අවශ්‍යතාවය අනුවය. ඔබගේ අවශ්‍යතාවයට සරිලන, කාර්යන් පහසු කරන ක්‍රම සකසා දීමට අප සැමවිටම සූදානම්ය.
දවසේ වැඩි පැය ගණනක් අප කාර්යාල කටයුතු සඳහා වැය කරයි. එහිදී  ඔබගේ කලාත්මක රසවිදනය සඳහාද මෙම බ්ලොග් අඩවිය වේදිකාවක් කර ගත හැකිය. ඔබගේ ලිපි, කවි වැනි දැ මෙහි පලකල හැකිය.
මෙම බ්ලොග් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබගේ අදහස්/ යෝජනා ඉතා කාරුණිකව බලාපොරොත්තු වන අතර ඔබගේ රැකියා ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.